දිවයින පුරා සියලු ගොවිබිම් සිතියම් ගත කිරීමේ නව වැඩසටහනක් ආරම්භවී තිබෙයි. රජයේ මුදල් අපතේ
යාම මෙමගින් විශාල ලෙස
නතර කරගත හැකි බව ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ පණ්ඩුක වීරසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත.
මේ අනුව දිවයිනේ වගා කටයුතු සිදු වන ස්ථාන වල දත්ත රැස් කර සිතියම් ආශ්‍රිත කරගෙන ඒවා පහසුවෙන් හඳුනාගන්නට හැකි ආකාරයට යාවත් කාල කෙරෙන අතර එමගින් ඒ ඒ ගොවිබිම් සඳහා අවශ්‍ය ආධාර හා පහසුකම් වැඩි දියුණු කිරීමට යෝජිතය.
කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නව තාක්ෂණය සමඟ ඒකාබද්ධවූ තවත් වැඩපිළිවෙල රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද වීරසිංහ මහතා සඳහන් කළේය.