සෙනසුරාදා සවුත්ඇම්ටන්හිදී පැවති ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර ලෝක කුසලාන ක්‍රිකට් තරගයෙන් ලකුණු 11 ක තියුණු පරාජයක් අත්විඳින්නට ඇෆ්ගනිස්තානයට සිදු විය.
ඉන්දියාව මුලින් පන්දුවට පහරදී
මෙහිදී 224 ක් පමණක් ලබාගත් අතර දෙවනුව පහරදුන් ඇෆ්ගනිස්තානය එම ඉලක්කය වේගයෙන් හඹා ගියේ පෙරළිකාර ජයග්‍රහණයක් ගැන අපේක්ෂා දල්වමිනි. නමුත් ඇෆ්ගනිස්තානයේ සාර්ථක පිතිකරු මොහොමඩ් නබි අවසාන ඕවරයේ දැවීයාම සමග තරගයේ වාසිය ඉන්දියාව නතු විය. ඇෆ්ගනිස්තානයේ සියල්ලන් දැවී ගියේ 213 ටය.
ඉන්දීය අවසන් ඕවරය යැවූ මොහොමඩ් ෂාමි කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙනිණි.