දුම්රිය වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන ධාවනයට නියමිතව තිබූ දුම්රිය 15 ක් ගමන් ආරම්භ කළ බවයි ප‍්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේ.
දුම්රිය ගමනා ගමන
කටයුතු අද දහවල් වනවිට සාමාන්‍ය තත්වයට පත්කිරීමට හැකි වනු ඇතැයි ද ප‍්‍රධාන පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වනවිට අවසන් කිරීමට තීරණය කර ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ප‍්‍රකාශ කළා.

පවතින ගැටලුව විසඳීමට රජය ප‍්‍රමාණවත් මැදිහත්විමක් සිදුකර කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා බවයි ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේ.