https://www.gossiplankanews.com/2019/06/nalaka-silva-reveal.html
පසුගිය කාලයේ ජනපති ඝාතන කුමන්ත්‍රණයක් නිසා දිගින් දිගටම රිමාන්ඩ් කර තිබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා  2018 කාලයේ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ඉව වැටී සහරාන්ව අත්අඩංගුවට ගන්නට උසාවියෙන් වරෙන්තුවක් පවා ලබා ගත් අයෙකි.
ඔහු පසුගිය 21 වනදා ඇප මත නිදහස් වූ අතර ඊයේ (4) දින පාස්කු ප්‍රහාරය ගැන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
එහිදී ඔහු කියා සිටියේ ආරක්ෂක අංශ එල්ටීටීඊය ගැන සොයමින් සිටියත් ඉස්ලාම් අන්තවාදයක් ලංකාවේ පතුරන අය ගැන පරීක්ෂණ 2018 වනතුරු

සිදු නොවූ බවයි.
සහරාන් ගැන තමන්ට ඉව වැටුණ පසු ඒ ගැන සොයා බැලූ බවත් විස්තර වාර්තා පොලිස්පතිවරායට යොමු කළ බවත් කියා සිටි ඔහු ඉන් එහාට ඒ ගැන සිදුවූ දේ ගැන නොදන්නා බව කී.ය.
සහරාන් පැහැදිලිවම ඔහුගේ ෆේස්බුක් හා වෙබ් අඩවි ඔස්සේ අන්තවාද මුස්ලිම් ක්‍රියාවන් ප්‍රවර්ධනය කල බවත් ඔහු අයිඑස් කටයුතු හුවමාරු කළ බවත් කී නාලක සිල්වා මහතා සහරාන් හසුකරගත්තේ නම් මෙම සිදුවීම් සිදුවන්නට පෙර වළක්වාගන්නට හැකියාව තිබුණ බව කීය.
තමා සිරගතවූ වකවානුවේ මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධ පරීක්ෂණ වලට තමා දුන් නායකත්වය ගිලිහුණ බවත් ඒ සම්බන්ධ කාර්ය සිදුවූයේ මොනවාදැයි නොදන්නා බවත් කීවේය.