ආගිය අතක් නොමැති පුද්ගලයින් කිහිප දෙනෙකු ගැන  විස්තර ඉල්ලා පොලිසිය මහජන සහය පතා තිබේ. විස්තර මෙසේය.

හබරාදුව
මැනික් කෙට්ටුවත්ත, පොල්හේන, අගුළුගහ ලිපිනයේ පදිංචි වක්වැල්ල ගමගේ සිසිර කුමාර යන අය 2018.06.02 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 54යි, උස අඩි 05ක් පමණ, තලෙළු, කෙට්ටු සිරුර, පැසුණු කොණ්ඩය කොටට කපා උඩට පීරා ඇත.
වම් ඇබැම අසල කුඩාගෙඩියක් දක්නට ඇත. අවසන් වරට ඇඳ සිටියේ සරමක් සහ අත් කොට කමිසයකි.

කොච්චිකඩේ
 අංක 78/08, කැම්බන්තොට, කොච්චිකඩේ ලිපිනයේ පදිංචි රන්දිමා කවුෂි යන අය
2019.06.18 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, ස්ත්‍රී, වයස අවුරුදු 17යි, උස අඩි 04යි අඟල් 08යි, තලෙළු, කෙට්ටු සිරුර, කොණ්ඩය අඩියක් පමණ දිගට වවා ඇත. අවසන් වරට ඇඳ සිටි ඇඳුම නොදනි.

හැටන්
වෙස්ටන් කොටස, හොටන් වත්ත, හැටන් ලිපිනයේ පදිංචි සෙල්ලයියා තනපාක්‍යම් යන අය 2019.06.21 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, ස්ත්‍රී, වයස අවුරුදු 79යි, උස අඩි 04යි අඟල් 04යි, තලෙළු, සාමාන්‍ය සිරුර, සුදු පැහැති කොණ්ඩය පිටුපසට පීරා ඇත. මන්ද මානසික තත්වයෙන් පෙළෙන අයෙකි. අවසන් වරට ඇඳ සිටියේ සුදු පැහැති පසුබිමේ දම් පාට මල් සහිත සාරියකි.

කොච්චිකඩේ
අංක 163 ඉසුරු උයන, තන්දූව, වාද්දුව ලිපිනයේ පදිංචි කළුආරච්චිගේ උදේශ්
ශ්‍රිමාල් යන අංක 62/සි, සිටියමුල්ල, කොන්ගොඩමුල්ල, මෙත්සෙවන ළමා පරිවාසයේ සිටියදී 2012.06.23 වන දින සිට ආගිය අතක් නොමැත. රූප විස්තර මෙසේය, පුරුෂ, වයස අවුරුදු 16යි, උස අඩි 05යි අඟල් 02ක් පමණ, තලෙළු සිරුර, කොණ්ඩය කොටට කපා පැත්තට පීරා ඇත. වම් කකුලේ තුවාල කැලලක් ඇත. බෙලේ උපන් ලපයක් ඇත. අවසන් වරට ඇඳ සිටියේ සුදු පැහැති අත් කොට කමිසයක් සහ කළු පැහැති දිග කලිසමකි.