"සමහර විට වාහනේ තව එක්කෙනෙකු සමග යන විට හයියෙන් යන්න එපා. එහාට හරවන්න මෙහාට හරවන්න" යනුවෙන් කියනවා. දැන් ඉතින් තනියම වාහනේ අරගෙන වේගයෙන් යන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගලදී පෙරේදා (22) පැවසීය.

ඇරැඹූ වැඩ දැන්
ශීඝ්‍රයෙන් අවසන් කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.  අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ මොණරාගල ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගිවෙමිනි.

රජයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

''දැන් තමයි අපට වේගයෙන් යන්න පුළුවත්කම තිබෙන්නේ . ශීඝ්‍ර සංවර්ධනය සිදුවෙමින් තිබෙනවා.  සමහරවිට වාහනේ තව එක්කෙනෙකු සමග යන විට හයියෙන් යන්න එපා. එහාට හරවන්න, මෙහාට හරවන්න කියලා කියනවා. දැන් ඉතින් තනියම වාහනේ අරගෙන වේගයෙන් යන්න පුළුවනි. ඉතින් කළ වැඩ ටික දැන් අප ශීඝ්‍රයෙන් අවසන් කරනවා. හැකි සෑම වැඩක්ම මේ මාස කීපයේදී අවසන් කරනවා. මට  දැන් කවුරුත් බාධා කරන්නෙ නැහැ. නැතිනම් දෙදෙනෙකු වාහනේ යනවිට හරී අමාරුයි. හැම කෙනාම එය දන්නවානේ. අප දැන් වැඩ කරගෙන යනවා යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට භූමියේ ජනරැලිය පැවැත්විණි.

(අංජුල මහික වීරරත්න)