මිනුවන්ගොඩ නගරයට පසුගිය මැයි 13 වැනිදා එල්ල වූ ප්‍රහාරයෙන් විනාශ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව ඉදිකිරීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා රුපියල් ලක්ෂ 200ක මුදලක් වෙන්
කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුමකට අනුව මෙම කඩකාමර ඉදිකිරීමට නියමිත අතර, ආණ්ඩුකාරවරයා එම ව්‍යාපාරිකයන් සමග මිනුවන්ගොඩ නගර සභාවේදී පසුගිය 17 වැනිදා මෙම සාකච්ඡාව පවත්වා ඇත.

ව්‍යාපාරික ස්ථාන විනාශ වීම හේතුවෙන් ව්‍යාපාරිකයන් රැසක් පීඩාවට පත්ව සිටින බවත්, ඔවුන් සඳහා තාවකාලිකව කඩ ඉදිකිරීමට ස්ථානයක් වෙන් කර ඇතත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමේ ගැටලුවක් පවත බවත් මෙම සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු  මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පෙන්වාදී තිබේ.

ඒ පිළිබඳ අවධානය යොමු කළ  ආණ්ඩුකාරවරයා තාවකාලික කඩ ඉදිකිරීම  සඳහා රුපීයල් ලක්ෂ 200ක මුදලක් ලබාදීමට එකඟ වී තිබෙන අතර, මෙම සාකච්ඡාව සඳහා මිනුවන්ගොඩ සර්ව ආගමික නායකයන්ද එක්ව ඇත.