පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සම්මානනීය ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා
සමාජවාදී සමානතා
පක්‍ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන ඊයේ (17දා) විරෝධතාවක නිරත වූහ.

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්විණි. සිය මුහුණුපොතේ (ෆේස්බුක්) පළකළ කෙටිකතාවකින් බුද්ධාගමට අපහාස කළ බවට සදහන් කරමින් පොලීසිය විසින් ශක්තික සත්කුමාර ලේඛකයා අත්අඩංගුවට ගෙන ඇතැයි විරෝධතාකරුවෝ පවසා සිටියහ.