https://www.gossiplankanews.com/2019/06/mangala-robed-ratana.html

පවාසයේ නිරත වු පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය  අතුරලියේ රතන හිමියන් බැහැදැකීමට අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ යෑම ජාතිභේදය හා ද්වේශය පැතිරවීමක් බව මුදල් අමාත්‍ය
මංගල සමරවීර මහතා සඳහන් කරයි.


කාදිනල් හිමියෝ ඊයේ (03දා) මහනුවර දළදා මාළිගා පරීශ්‍රයට ගොස් උපවාසයේ නිරත වූ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට කටයුතු කළහ.

 ඒ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේය.  මේ පිළිබඳ වතිකානුවේ අවධානය යොමුවිය යුතු බව පවසන අමාත්‍යවරයා, රතන හිමියන්ව හඳුන්වා තිබුණේ ''සිවුර දරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන'' යනුවෙනි.