බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ මීට ටික වේලාවකට පෙර

ජනාධිපති කාර්යාලයේ දීය.
ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් මේ වන විට සේවය කරමින් සිටියේය.
මේ අතර, මැලේසියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් ඒ මහතා කටයුතු කර තිබේ.
ඊයේ (03) දිනයේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් සිටි අසාද් සාලි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ මෙම ධූරය පුරප්පාඩු විය.
එජාපයේ කොළඹ නගරාධිපති පුටුවටද මුසම්මිල් තරග වැදුනේය.
මුසම්මිල් මුස්ලිම් ජාතිකයෙකු වන අතර මේ වනවිට මුස්ලිම් ඇමතිවරුන් සිය ධූරවලින් ඉවත්වූ පසුබිමක ඔහු වැඩභාර ගැනීම ප්‍රතික්සේප කර නැත.
දේශපාලන ආරංචි හෙළි කරන්නේ සාලි ඉවත්වීමෙන් ශ්‍රී ලනිපය වෙත මුස්ලිම් ඡන්ද ආකර්ෂණය අඩුවීම වළක්වා ගැනීමට මෙම පියවර ජනපති ගත් බවයි.