https://www.gossiplankanews.com/2019/06/kekirawa-accident.html
අද (8) උදෑසන 07.50ට පමණ කැකිරාව පොලිස් වසමේ කොරොසගල්ල හන්දිය අසලදී දඹුල්ල දෙස සිට කැකිරාව දෙසට ධාවනය කල කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි ළමුන් සිවු දෙනෙකුගේ ගැටී
අනතුරක් සිදුවිය. අනතුරින් බරපතල තුවාල ලැබූ ළමුන්

සිවුදෙනා කැකිරාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් තිදෙනෙකු මිය ගොස් ඇත.
මිය ගිය ළමුන් 01. කේ.පී එරන්ද ඒෂාන් තිලකරත්න, වයස අවුරුදු 14 02. ඉමන්ත පසිදු හේරත්, වයස අවුරුදු 15 03. එච්.එම් අචින්ත ලක්ෂාන් හේරත්, වයස අවුරුදු 16
වයස අවුරුදු 18 ක්වූ බරපතල තුවාල ලැබූ ළමයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරුකර යවා ඇති අතර, මෙම ළමුන් කොරොසගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සිද්ධියෙන් පසු ප්‍රදේහයේ උනුසුම්කාරී තත්වයක් වාර්තා විය.
මෙම අනතුරින් පසු අනතුරට වගකිවයුතු වයස අවුරුදු 54 ක් වන කැබ් රථයේ රියදුරු පලායමින් සිටියදී ඉපලෝගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.