යාපනයේ, උඩුවිල් අම්බලවානර් පාර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට ඊයේ (18දා) උදෑසන ඇගේ බෑනා අමානුෂික ලෙස පහර දීම නිසා එම කාත්තාව බරපතළ තුවාල ලබා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට
තිබේ. අයියාතුරෙයි විජේලක්‍ෂමි නමැති වයස
අවුරුදු 74ක්වූ මේ කාන්තාවට බෑනා පහර දී ඇත්තේ විවාහයේදී තමන්ට ලැබුණු දෑවැද්ද ප්‍රමාණවත් නොවන බවට ඇති වූ බහින් බස් වීමක් මත බව යාපනයේ චුන්නාකම් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

බෑනා පහර දෙන අවස්ථාවේදී වයෝවෘද්ධ කාත්තාව ළතෝන්නි දෙමින් කෑ ගසන්නට පටන් ගැනීමත් සමඟ අසල්වාසීන් පැමිණ ගිලන් රථයක් කැඳවා කාත්තාව යාපනය තෙපලෙයිරෝහලට ඇතුළත් කොට තිබේ. ප්‍රදේශවාසීන් කියා සිටියේ දැවදි ප්‍රශ්නයක් මත මේ නිවෙසේ ආරවුල් හා බැන ගැනීම් නිරන්තරයෙන්ම සිදුවන බවය.

තොරතුරු දන්නා අසල්වසීහු කියාසිටියේ වයෝවෘද්ධ කාන්තාව විවාහයේදී පොරොන්දු වූ පරිදි බෑනාට දෑවැද්ද ලබා දී ඇති බවත් මෑතකදී මෙම කාන්තාවට ස්වාමිපුරුෂයා බචක තැන්පත් කර තිබූ රුපියල් ලක්‍ෂ විස්සක මුදලක් ලැබී ඇති අතර බන එම මුදලදඈවද වශයෙන් ඉල්ලා සිටින නිසා නිතර ආරවුල්ඇතිවන බවයි. යාපනයේ චුන්නකම් පොලිසිය සිද්ධි පිළිබදව පරීක්ෂණ පවත්වයි.

-රසාදි චතුරංගී ගමගේ-