හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 02ක් විහාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය ඊයේ (18) ප්‍රතික්ෂේප කළේය.

ඩී. ඒ. රාජපක්ෂ
කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත් කෙරිණි. අභියාචනාධිකරණ විනිසුරන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.