https://www.gossiplankanews.com/2019/06/indrani-senaratne-passed-away.html#more
ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය අද දහවල් කොළඹ ජාතික රෝහලේ දී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇයගේ වයස 83 කි.
ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරයකු සහ ගායන ශිල්පියකු වු  නැසීගිය සිසිර සේනාරත්නගේ
බිරිය වූ ඇය ඔහු සමග එක්ව විශේෂයෙන්ම

චිත්‍රපට සඳහා ගැයූ යුග ගී රැසක් තවමත් ජනප්‍රියව පවතී.

බුදු ස්වාමිනේ සිරිපා පියුම්, දගකාරයි මං, රතු පාට මල් ,වෙසක් කැකුළු අතුඅග හිඳ නටන විලාසේ, ආදරෙයි මම ආදරෙයි, ගයා ගීතයන්, සුදුසඳ එළියේ, හදපානේ මල් පිපුණා, හොඳ හොඳ ළමයින් අපි වාගේ, ඈත අහසේ ඇය ගැයූ ගීත අතරින් කිහිපයකි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ සරස්වතී මණ්ඩපය තුළින්  ඉන්ද්‍රානි විජේබණ්ඩාර නමින් ළමා ගායිකාවක් ලෙස සංගීත කේෂ්ත්‍රයට පිවිසි ඇය පසුව සිසිර සේනාරත්න සමග විවාහ වූවාය.
ඉන්ද්‍රණි සේනාරත්න මහත්මියට දරුවන් තිදෙනෙක් සිටින අතර සිසිර සේනාරත්න මහතා 2015 දී මියගියේය.
 මේ වන විට ඇගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (27) දින සිදුකිරීමට නියමිතය.