https://www.gossiplankanews.com/2019/06/igp-speaks-president.html
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බවට විවේචනය කර ජනපති ඔහුට ඉවත්වන්නට නියම කළ පසුව ඔහු ඉවත්ව නොගිය නිසා අනිවාර්ය නිවාඩු යවා සිටින අතර ඔහු වෙනුවට වැඩබලන පොලිස්පතිවරයෙකු
මේ දිනවල කටයුතු කරයි.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමට අද  පූජිත් ජයසුන්දර පැමිනි අතර
එහිදී සාක්ෂි ලබා දෙමින් ඔහු කියා සිටියේ, ආරක්ෂක කවුන්සලය වෙත සහභාගී වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා විසින් පැවසු බව එවකට ආරක්ෂක ලේකම්වරයා තමාට පවසා සිටි බවයි.
ස්ථානමාරු වීම් සම්බන්ධයෙන් තිබෙන කටයුත්තකට තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඒ හැරුණ විට තමාට ඔක්තෝබර් මාසයේ සිට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව වාචිකව දැනුම් දුන් බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේය.
එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ කපිල වෛද්‍යරත්න මහතා මෙම නියෝගය වාචිකව ලබා දුන් බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
තමා විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව දැනුම් දුන් නිසා තමා ඊට එක්නොවූ බව කියා සිටියේය.