අවිස්සාවේල්ලේ, තුම්මෝදර පිහිටි වෛද්‍යවරයකුට අයත් නිවසක් කුලියට ගෙන "වැඩිහිටි නිවාස" නාම පුවරුවක් සවිකරගෙන එහි කසිප්පු පෙරිමේ යෙදී සිටී දෙදෙනකු සුරාබඳු විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරීන් විසින් (05)

අත්අඩංගුවට ගෙන ඇත.

මසකට රු. 15,000 ක කුලියකට ලබාගෙන තිබූ මෙම නිවසෙහි කිසිදු ගෘහ භාණ්ඩයක් නොතිබුණු බව සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්‍ෂක පී.එන්. හේමන්ත මහතා පැවසිය.  මෙම නිවසේ ආරක්ෂාවට උසස් වර්ගයේ සුනඛයකු රැකවලට සිටි බවද ඒ මහතා කීය.

සුරාබදු මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව එම නිවස වැටලු අවස්ථාවේදී, එහි තිබී කසිප්පු බෝතල 86ක්, ගෝඩා බැරල් 714ක් දඟර 2ක් ගෑස් ලිප් හා ගෑස් සිලින්ඩර ඇතුළු උපකරණ රැසක්ද කසිප්පු ප්‍රවාහන සඳහා කුලී පදනම මත ලබාගත් වාහනයක්ද අත්අඩංගුවට ගත් බව හේමන්ත මහතා පැවසිය.

මෙම ස්ථානයේ මිට පෙර වැඩිහිටි නිවාසයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම නාම පුවරුව මෙතෙක් ඉවත්කර නැතැයිද‍ විශේෂ සුරාබදු ඒකකය පවසයි. සුරාබදු කොමසාරිස් වසන්ත දිසානායක, සුරාබදු අධිකාරි චන්න ඡයකොඩි යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම වැටලිම කර ඇත.

-ජයන්ත සමරකොන්-