ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා තමිල්නාඩුවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක එම්.කේ ස්ටාලින් මහතා හමුවී සාකච්ඡාවක නිරත වී තිබේ.

චෙන්නයි නුවර පැවැත්වෙන වැඩසටහනක
ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වූ රවුෆ් හකීම් මහතා ස්ටාලින් මහතාගේ නිවසට ගොස් අද (10) ඔහු හමුවී සාකච්ඡාවක නිරත වී ඇත.

පාස්කු ඉරිදා මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මහ මෙරටේ මුස්ලිම් හා ද්‍රවිඩ ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ගැටළු පිළිබඳවත් ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජීය තත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ඊයේ මෙරට පැය කිහිපයක සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මුස්ලිම් දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා නොකිරීම පිළිබඳව කණගාටුවද පලකර ඇති රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ස්ටාලින් මහතාට ඇරයුමක්ද සිදුකර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේ සුළු ජාතීන් කටයුතු කරන ආකාරය ගැනද මෙහිදී සාකච්ඡා කර ඇත.

(එෆ්.අස්ලම්)