ඉන්දීය තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං සියලුම ආකාරයේ ක්‍රිකට් තරග කාණ්ඩයන්ගෙන් සමුගන්නා බව නිවේදනය කළේය. මේවන විට ඔහු 37වැනි වියෙහි පසුවේ.


වසර 2000 දී කෙන්යාවට
එරෙහිව සිය එක්දින ක්‍රිකට් වරම් දිනා ගත් ඔහු එක් දින තරග 304ක් සදහා ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත.

එසේම ටෙස්ට් තරග 40ක් හා විස්සයි විස්ස තරග 58ක් ක්‍රීඩා කර තිබේ.

යුවරාජ් සිං 2007 වසරේ දී විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කන්ඩායමේ හා 2011 වසරේ එක් දින ලෝක කුසලානය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙක් විය.

මුම්බායිහි පැවති මාධ්‍ය හමුවක දී යුවරාජ් සිං මේ බව නිවේදනය කළේය. ඔහු එහිදී සදහන් කර ඇත්තේ "එය විශිෂ්ට ගමනක් සහ සුන්දර කතාවක්, එය අවසානයකට පැමිණිය යුතු යි.“ යනුවෙනි.