ඉකුත්දා කක්‍ෂගත කළ ‘රාවණා එක’ චන්ද්‍රිකාව නිර්මාණය කළ මෙරට පර්යේෂණ ඉංජිනේරුවන්
දෙදෙනාගෙන් එක් අයෙකු වන
තරිඳු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පළ කර තිබේ.

 "තවමත් මේ තරිඳු දයාරත්න තරුණයාගේ නිවස..ආර්ථිකය ඉතාම අමාරු තත්ත්වයක තියෙන්නේ. තරිඳුගෙ තාත්තා වකුගඩු රෝගයෙන් මිය ගිය කෙනෙක්. ලක්ෂ 199ක් කිරිඇල්ල ඇමතිතුමාගේ නිලනිවස හදන්න වියදම් කලා කියලා මේ පාර්ලිමේන්තුවේදී අද කියවුණා. හැබැයි එතුමා ඒක බොරුවක් කිව්වා.. රටක අනාගතය වෙනුවෙන්...මේ කීර්තිමත් තරුණයෙක් වෙනුවෙන් ඔහුගේ නිවස වෙනුවෙන් මේ වෙනකම් ඔබ තුමන්ලා සත පහක්වත් වියදම් කරලා නෑ."