කොළඹ සිට හෙටිටිපොළ සිය ගම් ප්‍රදේශය කරා ඉකුත් 31 වැනිදා යමින් සිටි කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරයකු උදේ ආහාරය ගැනීමට කූලීයාපිටිය නගරයේ ආපනශාලාවකට ගොඩ වැදී කුකුළු මස් සමඟ ආහාර අනුභව කරමින් සිටියදී කුකුළු මස් කෑල්ලේ පැත්තක් ළා කොළ පාටින් යුතුව තිබෙනු දැක ඇත. පසුව
මඳ වේලාවකින් බඩේ
හා හිසේ කැක්කුමත්, අත වෙව්ලීමත් නිසා, එම වෛද්‍යවරයා ප්‍රතිකාර ගැනීම සදහා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇත.

ආහාර ගනිද්දී මෙම තත්වය ඇතිවීමත් සමඟ වෛද්‍යවරයා කුලීයාපිටිය පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට (119) ඇමතුමක් දී ඇති අතර එම ආපනශාලාවට පැමිණි පොලිය, වෛද්‍යවරයාගෙන් හා ආපනශාලාවේ සේවකයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

කුලියාපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද එම හෝටලයට පැමිණ වෛද්‍යවරයා එහිදී ලබාගත් ආහාර බඳුනේ වූ ආහාරවල සාම්පල් ලබාගෙන අදාළ වෛද්‍ය වාර්තා ලබාගැනීම සඳහා  එම ආහාර සාම්පල් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය හා කොළඹ රජයේ රස පරීක්‍ෂකවරයා වෙතද යැවීමට පියවර ගනු ලැබීය. පිසීම සඳහා එම ආපනශාලාව කුකුළු මස් ලබාගෙන ඇත්තේ කුලියාපිටියේ අස්වැද්දුම කුකුළු මස් අලවිසලකින් බැව් ද පැවසේ.

-ආර්.ඒ.විමලරුවන්-