පවතින වර්ෂාවත් සමහ දිස්ත්‍රික්ක 05ක ඩෙංගු පැතිරයෑමේ අවදානමක් ඇති බව ජාතික ඩෙංගු මර්දන
ඒකකයේ ප්‍රජා වෛද්‍ය

විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පැවැසුවාය. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවල මෙම අවදානම පවතී.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකව පවති. ජනතාව දැඩි අවධානමක් යොමු කළ යුතු බවත් දින දෙකකට වඩා යම් පුද්ගලයකුට උණ තිබේ නම් රෝහලකට ඉක්මනින් යා යුතු බව වෛද්‍යවරු උපදෙස් දෙති.

වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් දහනව දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වැඩිදුරටත් පැවැසුවාය.

-අනුර ප්‍රියන්ත-