රෝහල් කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් අද (17දා) දින සිට කොළඹ
අක්‍ෂි රෝහලේ ශල්‍යාගාරය
වසා දමා ඇති බව වාර්තා වෙනවා.

එම රෝහල් කාර්යමණ්ඩලයේ 15 දෙනෙකුට ඩෙංගු රෝගය වැලඳීම හේතුවෙන් රෝහල් කාර්යමණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එම රෝහල මගින් සිදුකිරීමට නියමිතව තිබූ සියලු සැත්කම් අවංගු කර ඇති බවත්, හදිසි සැත්කම් සිදුකිරීමට නියමිතව සිටි රෝගීන් කළුබෝවිල රෝහලට යොමුකර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.