Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

https://www.gossiplankanews.com/2019/06/dengue-again.html
වතින වැසි සහගත කාලගුණයත් සමඟින් ඩෙංගු රෝගය  යළි හිස එසවීමේ අවධානමක් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය අප කළ විමසීමකදී පෙන්වා දුන්නාය.  මේවන විට  ඩෙංගු
රෝගීන් 20541 ක් වාර්තා වී  ඇති අතර පසුගිය වසරේ මේ කාලය වන විට 21000ක් පමණ වාර්තා වී තිබේ..

කොළඹ , කළුතර , ගම්පහ, ගාල්ල , මාතර , හම්බන්තොට , යාපනය , මන්නාරම , මුලතිව් අම්පාර , ත්‍රිකුණාමලය කියන දිස්ත්‍රික්ක ගිය වසරේ වාර්තා වුවාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බව

විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරයි .

“ අපේ රටේ ගත්තහම සෑම වසරකම ඩෙංගු වැඩිවන කාලසීමා දෙකක් තියෙනවා . මැයි සිට අගෝස්තු දක්වා නිරිත දිග මෝසම් වර්ෂාවත් එක්ක නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසාන දිග වර්ෂාවත් එක්ක . දැනට හැබැයි ලොකුවට වැඩි වෙලා නැහැ. නමුත් මේ වහින විදිහ අනුව වැඩි වීමේ අවධානමක් තිනෙවා .“

කිසියම් කෙනෙක්ට වමනය , හිසරදය වැනි රෝග ලක්ෂණත් සමඟින් දවස් දෙකකට වඩා  උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත් . ඊට අමතරව ඩෙංගු  රෝගය ව්‍යාපත වීමේ අවධානමක් පවතින  දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාව අඩුම තරමින් සතියට  පැය භාගයක්වත් යොදවල  තමන් සිටින පරිශ්‍රය පිරිසිදු කර ගැනීම වැදගත් “

ඩෙංගු රෝගයේ ලක්ෂණ

*හදිස්සියේ මතුවන  තද උණ
*හිස රදය
* ඇස් යට වේදනාව
* මස්පිඩු කැක්කුම
* ඇඟපත කැක්කුම
* බඩරිදීම
* වමනය
*ඇතැම්වට නාසයෙන් , විදුරුමස් වලින් ලේ ගැලීම .
 තද උණ සමඟින් මේ රෝග ලක්ෂණ දෙකක් තිබේ නම් අපි සැකකරනවා ඩෙංගු කියල .

අපේ රටේ වැඩිය කරන්නේ නැති දෙයක් තියෙනවා “මදුරු විකර්ෂණ“ ආලේපන භාවිත නොකිරීම මදුරුවන් දෂ්ට කරන්නේ උදේ සහ සවස කාලයේ දී උදේ 6 - 10 කාලයේත් සවස 4 -7 කාලය තුළදී අපිට නෙට් එකක් යට ඉන්න බැහැනේ ඒ නිසා මදුරු විකර්ෂණ ආලේපනයක් භාවිත කිරීම හරිම වැදගත් . පුංචි දරුවන් ට අත්පා වැහෙන්න විදිහට ඇඳුම් ඇන්දවීමෙන් මදුරු දෂ්ඨන අඩු කර ගත හැකියි

සාකච්ඡා සටහන - නදීරා අමරසිංහ














Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter