https://www.gossiplankanews.com/2019/06/death-panelty-reaction-sri-lanka.html
සර 43කට පසු මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරීමේ පුවත පිළිබද ආරංචිය වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සී 3 සිර මැදිරියේ සිටින සිරකරුවන් වෙත ඊයේ (26) පෙරවරුවේ සිට පැතිරයාමත් සමගම එම සිරවාට්ටු තුළ දැඩි තැතිගැන්මක්
හටගෙන ඇතැයි වාර්තාවී තිබේ.
චැපල් වාට්ටුවේ සිටි මරණ දඬුවම නියම වූ අනෙකුත් සිරකරුවෝ ද බලා ගත් අතේ බලාගෙන ඉඳිමින් දැඩි ආතතියෙන් සිටි බවද පැවති ගති පැවතුම් එකවරම වෙනස් වූ බව ද පැවසේ.
රූපචාහිනී නරඹමින් සැහැල්ලුවෙන් ගත කළ ඔවුන් වැඩි දෙනා ඊයේ සිට ආහාර පාන නොගෙන සිටි බව ද ඇතැමුන් ක්ලාන්ත වූ බව ද නිලධාරීහු පැවසූහ.
වැලිකඩ ඇතුළුව බන්ධනාගාර කිහිපයකම මේ වනවිට ස්ථිර වශයෙන් මරණ දඬුවම ලැබුවෝ 455 දෙනකු සිටින බව බන්ධනාගාර වාර්තා දක්වයි.
මත්කුඩු ජාවාරමවලට සම්බන්ධ චෝදනා මත මරණ දඬුවම නියම වී

සිටින සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අනුව එවැති සිරකරුවන් 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් ඉකුත් වසරේ ජුලි මාසයේ දී ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණි.
පසුගිය සතියේ හදිසියේම වැලිකඩ චැපල් වාට්ටුවේ සී 3 සිර මැදිරියේ රඳවා සිටි මරණ දඬුවම නියමවූවන් 100 දෙනකු පමණ බූස්සට හා වටරැක බන්ධනාගාර වෙත මාරු කර යවා එම සිර මැදිරි ප්‍රතිසංස්කරණයට බඳුන් කරනු ලැබුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන බචට පූර්ව ඉඟිද කරමිනි.
එල්ලුම් ගසේ ක්‍රියාකාරිත්වය පරික්ෂා කිරීම පවා බන්ධනාගාර ඉහළ නිලධාරින් විසින් පසුගියදා සිදු කරනු ලැබූ අතර ඊට අවශ්‍ය ආම්පන්න සූදානම් කර තැබීමේ නියෝග ද නිකුත් කෙරිණි.
අළුගෝසු තනතුරේ පුරප්පාඩු දෙක පිරවීම සඳහා පසුගිය 11 දා පැචති අවසන් එක්දින වැඩමුළුව ද ලහි ලහියේ පැවැත්වීමත් ඉන් 26 දෙනකුගේ නම හා ලකුණු ලැයිස්තුවක් සකස් කර

තිබෙන බවත් අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළි කර තිබුණි.
මෙතෙක් තෝරා ගත් අළුගෝසුවන් දෙදෙනා ගැන තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතැයි බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශයෙන් සදහන් කළේය.
1976 ජුනි 23 වෙනිදා වැලිකඩ බන්ධනාගාරයේදී අවසන් චරට එල්ලා මරනු ලැබුවේ තිස්සමහාරාමයේ පදිංචි එච්.කේ. චන්ද්‍රදාස නොහාත් හොඳ පපුචා නමැත්තාය.
වසර 43 කට පසු ජනපති මෛත්‍රීපාල සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් එංගලන්තය සිය විරෝධය දක්වා තිබේ.
එංගලන්තයේ විදේශ කාර්යාලයේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවෙන් ලැබෙන වාර්තා සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමුකර ඇති බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ හොත් ලංකාව සමග් නීතිමය ගැටලු හා කටයුතු කිරීමේදී ඉතාමත් අපහසුවන බවත්ය.
ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් එංගලන්තය ලබාදෙන සහාය මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක ගැටලු, ප්‍රතිපත්ති සකස් කිරීම ඇතුළු විවිධ අංශයන් සම්බන්ධයෙන් එංගලන්තය ලබාදෙන තාක්ෂණික සහාය පිළිබඳව නැවත සළකා බැලීමට සිදුවෙනු ඇති බවත් එම කාර්යාලය සඳහන් කරයි.
ජනපතිවරයාගේ තීරණය ඉදිරි දෙසතිය තුළ ක්‍රියාත්මක වනු ඇති බවත් අවසන් 18 දෙනාගේ ලැයිස්තුවෙන් 4 දෙනෙකු මෙම දණ්ඩණයට ලක්වනු ඇති බවත් බන්ධනාගාර ආරංචි සඳහන් කරයි. කෙසේ වෙතත් ඒ කවුරුන්ද යන්න තවම වාර්තා නොවේ.