ශ්‍රී ලංකාවට එක්දින ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ පුහුණුකරු වන ඩේව් වට්මෝර් මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු උපදේශකයෙකු ලෙස නැවත සේවයට පැමිණීමට කැමැත්ත පළකර ඇති බව වාර්තා වේ.

එංගලන්තයේදී
දැන් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඒ මහතාගේ පත්වීම ස්ථිර වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවසේ.

ඒ මහතා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පහළ මට්ටමේ සිට ජාතික කණ්ඩායම දක්වා අධීක්‍ෂණය සඳහා පත් කිරීමට නියමිතය.

ඒ අනුව වට්මෝර් මහතා වයස 15 න් පහළ සිට වයස 19න් පහළ දක්වා ජාතික කණ්ඩායම්, සංවර්ධන, නැගී එන සහ ශ‍්‍රී ලංකා ‘ඒ’ යන සංචිත සහ ජාතික සංචිතය අධීක්‍ෂණය කිරීමට නියමිතව ඇත.

වට්මෝර් මහතා 1996 ලෝක ශූර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ පුහුණුකරු වීම නිසා ඒ මහතා සහ ශ‍්‍රී ලංකාව අතර හොඳ සම්බන්ධතාවයක්ද පවතී.