https://www.gossiplankanews.com/2019/06/a9-son-accident.html
සිල් සමාදන් වී සිටි දියණිය බැලීමට අම්මා පන්සලට ගිය අවස්ථාවේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයෙන් මිතුරන් පිරිසක්  හා සවාරියක් යමින් සිටියදී ත්‍රීරෝද රථය කැබ් රියක හැපී එය පදවාගෙන ගිය සිසුවා මියයාමේ පුවතක්
කරාපිටිය. රෝහලේ පැවති මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.
මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව හරුමල්ගොඩ පදිංචිව සිටි හික්කඩුව ලියනගේ පසිඳු සදේශ් නමැති 16 හැවිරිදි සිසුවෙකි.


ඔහු පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේදී "ඒ" සාමාර්ථ නමයක් ලබාගෙන ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරීමට සූදානම්ව සිටි සිසුවෙකි.

මියගිය සිසුවාගේ මව වෙළඳපලක් පත්වාගෙන යන අතර පොසොන් පෝයට සිල් සමාදන්ව සිටි ඔහුගේ දොළොස් හැවිරිදි නැගෙණිය බැලීමට පන්සලට ගිය අවස්ථාවේ ඔහු නිවසේ තිබූ ත්‍රීරෝද රථය එළියට ගෙන තවත් මිතුරන් හතර දෙනකුද නංවාගෙන දික්කුඹුර හබරාදුව මාර්ගයේ ධාවනය කර ඇත.

එසේ යමින් සිටියදී කහඳ ප්‍රදේශයේදී ඉමදූව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් කැබ් රථයක හැපීමෙන් අනතුරට පත් වී ඇත. එහිදි ත්‍රීරෝද රථය පදවාගෙන ගිය සිසුවා පළමුව හබරාදුව රෝහලටත් පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර තුවාල ලැබූ සිසුන් හතර දෙනාගෙන් දෙදෙනෙක් හබරාදුව රෝහලේත් දෙදෙනෙක් කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.


මේ පිළිබඳ මරණ පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්.එම්. නාසිම් මහතා විසින් කරාපිටිය රෝහලේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය පත්වනු ලැබුවේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී පෙරේරා මහතා විසිනි.

මරණ පරීක්ෂණයේදී මියගිය සිසුවාගේ මව වන හේවාගමගේ පද්මිණි රේණුකා යන අය සාක්කි දුන් අතර අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරා සාක්කි ලබාගැනීම සඳහා ඉදිරීපත් කරන ලෙස අහංගම පොලිසියට නියෝග කළ හදිසි මරණ පරීක්ෂකවරයා මරණයට හේතුව ප්‍රකාශ කිරීම පසුවට කල් තබා දේහය ඥාතීන්ට මුදා හැරීමට නියෝග කළේය.




ඡායාරූප ස්තුතිය - Tharindu Udayanga ( Galle ) , Siha Nada ( Habaraduwa ) & Accident1st