https://www.gossiplankanews.com/2019/06/9-muslim-ministers-resigned.html
ජයේ අමාත්‍ය ධූර දරමින් සිටි සියලුම මුස්ලිම් අමාත්‍යවරු  සිය ධූර වලින් ඉල්ලා අස්වන බවට අද (3) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී
ප්‍රකාශ කර තිබේ.
කැබිනට් අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරණ මුස්ලිම් අමාත්‍යවරු 9 දෙනෙකු මේ ලෙස ඉල්ලා අස්වන බව රාවුෆ් හකීම් දන්වා සිටි අතර රජය අස්ථාවර කිරීමට

අදහසක් නැති බවත් ධූර වලින් ඉල්ලා අස්වූවත් පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස රජය නියෝජනය කරන බවත් දන්වා සිටියේය.
මෙලෙස ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් 9 දෙනාගේ ලැයිස්තුව පහත පරිදිය.

ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍ාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය