දැනට උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පළ කිරීම සඳහා මධ්‍යම පළාතේ මාතලේ, මහනුවර, දඹුල්ල නගරවල අද (3) සවස 3.00 සිට 5.00 දක්වා කඩසාප්පු වසා
විරෝධය දක්වන බව
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පැවසීය.

මේ වන විට මහනුවර, මාතලේ සහ දඹුල්ල පිහිටි සියලුම වෙළඳ සංගම් දැනුවත් කරමින් මෙය සංවිධානය කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම නගරයේ සියලුම වෙළඳසල්, කඩසාප්පු වසා ගොවීන් සහ ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන් එක්ව පැය දෙකක කාලයක් ප්‍රධාන මර්ගයේ වාහන ගමනාගමනයට බාධා සිදු නොවන ආකාරයෙන් රැඳී සිටිමට සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.

රතන හිමියන් සිදු කරන ඉල්ලීම් කිහිපය පෞද්ගලික සුඛවිහරණය සඳහා කරන ඉල්ලීමක් නොවින බැවින්, එය රටේ හෙට දිනය තීරණය කිරීම සඳහා ඉවහල් වන ඉල්ලීම් කිහිපයක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.


(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)