https://www.gossiplankanews.com/2019/06/17-sept-namal-rajapaksa-wedding-thilak-weerasinghe-daughter.html#more
 විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවත් හරියටම මාස 3 කින් ලබන සැප්තැම්බර් මස 17 වැනි දින විවාහ දිවියට එළැඹෙන බව ප්‍රකාශ කර තිබේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය විවාහය සම්බන්ධයෙන් ප්‍රථම වරට හෙළිදරව් කර ඇත්තේ
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාටය.

කෙටි සංචාරයක් සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ මුනිදාස කුමාරතුංග පාරේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී වන  ''ඉන්දියා හවුස්"හි පැවැත්විණි.


මහින්ද රාජපක්‍ෂ විපක්ෂ නායක සමග නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා ද එහි ගොස් සිටි අතර නාමල් දුටු විගස ඉන්දීය අගමැතිවරයා සිනාමුසු මුහුණින් ඔහුගෙන් තොරතුරු විමසා සිටියේය. එවිට නාමල් රාජපක්‍ෂ මහතා නරේන්ද්‍ර මෝදිට ප්‍රකාශ කර සිටියේ තමා සැප්තැම්බර්
මස 17 වැනි දින විවාහ වන බවය.

එසැණින් ඉන්දීය අගමැතිවරයා සැප්තැම්බර් මස 17 වැනි දිනම තෝරා ගත්තේ ඇයි දැයි පිමයා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඊට පිළිතුරක් දිම ටිකක් පමා වී ඇති අතර එසැණින් ඊට මැදිහත් වූ විපක්ෂ නායක සැප්තැම්බර් 17 වැනිදා නැකත් දිනයක් වන හෙයින් එදින තෝරාගත් බව පැවැසීය. නරේන්ද්‍ර මෝදි මහතා ඊට පිළිතුරු දෙමින් එදින තමාගේ උපන් දිනය බව ප්‍රකාශ කළෙන් එහි සිටි පිරිස සතුටු සිනා පළ කළහ.

නාමල් රාජපක්ෂ මහතා සමග යුග දිවියට එක්වන වාසනාවන්තිය කවුරුන්දැයි අප විමසා බැලු අතර ඇය මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් විරසිංහ සහ කෙටිදුර ධාවන ශුරීයක ලෙස කලක් නමක් දරා සිටි අරුණි වික්‍රමරත්න දෙපලගේ එකම දියණිය බව දැනගන්නට ලැබිණී.  තිලක් වීරසිංහ මහතා මෙරට සංචාරක හෝටල් කිහිපයක අයිතිකරුවෙකි.
 (සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)