සෙඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටෙ "සුවපති කිරුළ'' පැලඳවීම සදහා  පසුගිය වසරේ පැවැති උපහාර උළෙල වෙනුවෙන් රුපියල් 6,766,750ක් වැය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය  පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

රාජිත සේනාරත්න මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ 143 වැනි විධායක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී 2018.07.31 වැනිදා මෙම උත්සවය පැවැත්විණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සහ සෞඛ්‍ය වෘත්තීය
සමිති සම්මේලනය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාශය සඳහන් කරයි.

මෙම උත්සවය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රුපියල් 1,584, 950ක්ද ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය රුපියල් 140,OOO, ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරීය විසින් රුපියල් 1,000,000ක්ද, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් රුපියල් 999,975ක්ද,  ලාෆ්ට්ස් ලයිෆ් සයන්ස් පෞද්ගලික සමාගම විසින් රුපියල් 500,000ක්ද, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රුපියල් 1,000,000 ක්ද, වෘත්තීය සමිති විසින් රුපියල් 1,541,825ක් විසින් වියදම් කර තිබෙන බවද එම අමාත්‍යංශය පවසයි.

-අමිත් මධුරංග-