ශ්‍රී ලංකාව තුළ දුම්කොළ සහ මධ්‍යසාර විකිණීමෙන් තොර නගර 163ක් පවතින බව ඊයේ (18)  කළ විමසීමකදී මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසිය. මුලතිව්, යාපනය, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, රත්නපුරය, කෑගල්ල, කල්මුණේ, පුත්තලම, කුරුණෑගල,
මාතලේ, බදුල්ල,මොනරාගල, මහනුවර, නුවරඑළිය, අනුරාධපුරය, පොළොන්නරුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන ප්‍රධාන දිස්ත්‍රික්ක තුළ පිහිටි උපනගර සහ ගම්මාන 163ක් තුළ මෙසේ දුම්වැටි සහ මධ්‍යසාර අලෙවියෙන් තොර බව මහජන පරික්ෂකවරුන්ගේ සංගමය සකස් කරන ලද වාර්තාවක සඳහන් වේ.
එම වාර්තාවේ සඳහන් වන පරිදි, ඒ ඒ දිස්ත්‍රික්කවල දුම්වැටි අලෙවියෙන් තොර නගර මෙසේය.

යාපනය දිස්ත්‍රික්කය- තිලිප්පලෛ, කරෙයිනගර්, මුරුප්පත්කර්නි, කරෙච්චි, තම්බිරප්පායි. පේරුදුතුඩුව, නල්ලූර්, කෝපායි, කයිටිස්, වේලනෙයි, තන්කනෙයි,
උඩුවිල්, නැගෙනහිර වාවකචිවේරි, මල්ලාකම්, අලවෙඩ්ඩි, කීරමලෛ, මාවෙච්චිපුරම්, වාසවිලාන්, පලාලි, කන්කසන්තුරේ, තායිපෙඩ්ඩි, මයිලඩි

මාතර දිස්ත්‍රික්කය- ඌරුබොක්ක, දෙනියාය, මාකඳුර, මුලටියන, දෙයියන්දර, කිරින්ද, පුහුල්වැල්ල, හක්මන
මොරවක, කඹුරුපිටිය, නාරද, කරතොට, හෙට්ටියාවළ, මතුගොඩ, ඕවිටිගමුව, වලකන්ද, වතුපොළ, දෙනගම, කරවල්පිට, බෙරංගල, සියඹලාගොඩ, පිටබැද්දර, කළුබෝපිටියන, පල්ලෙගම, කොටපොළ, වරල්ල, කොලවේනිගම

හම්බන්තොට දිස්ත්‍රික්කය- වරාපිටිය, සූරියවැව, අගුණුකොළපැලැස්ස. දහඅමුණ, උස්වැව, කාරියමඩිත්ත, හකුරුවෙළ, කිරම

ගාල්ල දිස්ත්‍රික්කය- ඇල්පිටිය, අමුගොඩ, වැලිවිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය- අලව්ව, ඉබ්බාගමුව, පාදෙණිය, මිනුවන්ගැටේ, එලාවක, මාගල්ලේගම, මිල්ලන්ගොඩ,  නිකවැරටිය, විහාරගම, බුදුමුත්තාව, ගලපිටියගම, හාපිගම්මන, හාවන්ලැස්ස, නාබඩාව, බියගම,  තුඩුල්ල, කරකොටේ

අනුරාධපුර දිස්ත්‍රික්කය- එප්පාවල, තලාව, මහින්තලේ, තඹුත්තේගම, පදවිය, නොච්චියාගම,

අම්පාර දිස්ත්‍රික්කය- රජගලතැන්න

බදුල්ල දිස්ත්‍රික්කය- තොලබෝවත්ත, පස්සර, පොල්ගහලන්ද, පන්ගුවතගම

නුවරඑළිය දිස්ත්‍රික්කය- කරඳගොල්ල, අලවත්තේගම, දෙහිපේ, හියදල, මාපිටිතැන්න, පිටවල, ඇහැලමල්පිට, මුන්වත්ත, ලියනවල, කදුරකඩේ, උදමුක්කුරප්පා

මාතලේ දිස්ත්‍රික්කය - විහාරගම, ඉහළබම්බාව,උකුවෙල, නාඋල, පහළවැව, අලුවිහාරේ, කන්ඩලම

මොණරාගල දිස්ත්‍රික්කය- තණමල්විල, හම්බෙගමුව, කුඩාඔය, බිබිල, පිටකුඹුර, මහාව, යක්කුඹුර, බඩල්කුඹුර, වැල්ලවාය, බුත්තල

මුලතිව් දිස්ත්‍රික්කය- තුනුක්කායි

ගම්පහ දිස්ත්‍රික්කය- ඉදිගොල්ල, විශාකාවත්ත, යක්කඩුව, මයිලාවලාන

මහනුවර දිස්ත්‍රික්කය- අකුරණ, තලාතුඔය

කෑගල්ල දිස්ත්‍රික්කය- අමිතිරිගල

කල්මුනේ දිස්ත්‍රික්කය- සමන්තුරේ, අට්ටාලච්වේනෙයි

පොළොන්නරුව දිස්ත්‍රික්කය- පොළොන්නරුව, ජයන්තිපුර, තේවාගම, ගල්විහාර, කඳුරුවෙල, හබල, රෝහල් හන්දිය

පුත්තලම් දිස්ත්‍රික්කය- හලාවත, නාත්තන්ඩිය ,කරුවලගස්වැව, යෝනියන, කිරිමැටියන, මහකුඹුක්කඩවල, පල්ලම, විලත්තාව

රත්නපුර දිස්ත්‍රික්කය- කහවත්ත, අන්දන, ගබ්බල, මියන්විට, මැදගන, උඩහුපේ, පනාපිටිය, යටගර

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය- වෙල්ලයිමනි, පින්නපිලිච්වනෙයි, නාච්විකුඩා, කාවච්චිකුඩා, කප්පලතුරෙයි, කරිමලයෝට්ටු

වවුනියා දිස්ත්‍රික්කය- එළුකුලම්, පුලියන්කුලම්, කනගරාජන්කුලම්, අසික්කුලම්, කොමරන්නකුලම්

මෙම සියලුම නගර දුම්වැටි අලෙවියෙන් තොර කලාප ලෙස නම් කර ඇත. එම ගම්මාන 'සුව නගර 'ලෙසට නම් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසීය. එම ගම්මාන තුළ ප්‍රජා සමිති පිහිටුවා ඇති අතර දුම්වැටි අලෙවියෙන් සිදුවන හානි පිළිබදව මහජන සෞඛ්‍ය පරිකවරුන් මගින් වෙළෙඳසැල් හිමියන් දැනුම්වත් කෙරේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශවල ව්‍යාපාරිකයන් ස්වේඡාවෙන්ම දුම්වැටි අලෙවි කිරීමෙන් වැළකී සිටින බවත් ඒ මහතා තවදුරටත් පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික දුම්කොළ සහ මධ්‍යසාර අධිකාරිය එසේ දුම්වැටි අලෙවි නොකරන වෙළඳසැල් වෙත සහතික පත් මෙන්ම ඇගයීමද ලබාදී දිරිමත් කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පැවසීය.

-තියේෂා ද සිල්වා-