ජනාධිපතිවරණය අපේක්ෂකත්වයට ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයකු ඉදිරිපත් කරන බව ජනතා
විමුක්ති පෙරමුණේ
දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ (17) පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි මාධ්‍යවේදියකු නැගූ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ජවිපෙ පහළ සාමාජිකයන්ගේ සිට ඉහළ දක්වාම ජවිපෙ
දේශපාලන මණ්ඩල සභිකයෙකු හැර වෙනත් අයෙකු කෙරෙහි විශ්වාස කිරීමට නොහැකි බවට අදහසක් මතුවී ඇති බව ද ඒ අනුව ඉදිරි ජනපතිවරණයට ජවිපෙන් අපේක්ෂකයකු  ඉදිරිපත් වීම ස්ථීර බව ද ලාල්කාන්ත මහතා පැවැසීය.


(මුදිතා දයානන්ද)