කැළණිය විශ්ව විද්‍යාලීය ආදි විද්‍යාර්ථීන්ගේ ඕස්ට්‍රේලියානු සංගමය  (KUAA)  විසින් ඔවුන්ගේ වාර්ෂික සාමාජික හමුවට සමගාමීව සංවිධානය කළ පාස්කු ඉරුදින විපතට පත් වූවන් සිහිකිරීමක් පසුගියදා මෙල්බන් නුවර දී පැවැත්වුණා.
මෙල්බර්න් නුවර වෙසෙන කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් සහ ඔවුන්ගේ පවුල්වල
සහභාගීත්වයෙන් රැස් කරන ලද
මූල්‍ය පරිත්‍යාගයන් දෙමටගොඩ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන් තිදෙනාගේ පවුල් වෙත ලබාදීම පසුගිය දා සිදු වූයේ KUAA 2019 සභාපතිනිය වන අමාලි බොරළුගොඩ මහත්මිය අතිනි.

රට ජාතිය වෙනුවෙන් වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කළ මෙවන් තරුණ පොලිස් නිලධාරීන්ගේ පවුල් මුණගැසී මෙල්බර්න් නුවර වෙසෙන කැළණිය විශ්ව විද්‍යාලීය ආදි විද්යාර්ථීන්ගේ ශෝකය සහ කණගාටුව ඔවුන් සමග බෙදා හදා ගැනීමට ලැබීම ගෞරවය සහ ආදරය ඔවුනට පුද කිරීමට ලැබීම උපහාරයක් යැයි සිතන බව අමාලි බොරළුගොඩ මහත්මිය පැවසූවාය.

මෙල්බන් නුවර සාමාජික හමුවේ දී සහ පොලිස් නිලධාරීන්ගේ පවුල් හමුවූ අවස්ථාවේ දී ගන්නා ලද ඡායාරූප කීපයක් පහතින්..