https://www.gossiplankanews.com/2019/06/10yr-bail-released-sakvithi-ranasinghe.html#more
හජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන නීතියට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් පසුව එම තැන්පත්කරුවන් මගහැර පළාගිය සක්විති රණසිංහ මීට වසර 10 කට පෙර 2009 දී අත්අඩංගුවට පත්වූ අතර එතැන් සිට වසර 10 ක් තිස්සේ සිරගතව සිටි අතර
ඊයේ (11) ඇප මත නිදහස් විය.
ඔහු ජනතා මුදල් සූදුවට වියදම් කර නැති නාස්ති කරගැනීම නිසා වන්දි ගෙවීමට අපොහොසත්වූ අතර ලියාපදිංචි මූල්‍ය සමාගමක් නොවූයෙන් ඔහු වෙත ආයෝජනය කළ අයට පිහිට වීමට ඔහුගේ හිඟ මුදල් සම්බන්ධ කාරණාවට රජයටද මැදිහත්වන්නට බැරි විය.


ඔහුගේ මූල්‍ය වංචාවන්ට අමතරව පවුලේ ප්‍රහ්න සම්බන්ධයෙන්ද නඩු කිහිපයක් වැටී තිබිණි.
මේ හේතුවෙන් ඔහු බන්ධනාගාරයේ සිට වරින්වර එම නඩු සඳහා පැමිණි අතර ඇතැම් නඩු වලින් ඇප ලබා නිදහස් වන්නට අවස්තාව තිබුණත ඇප බඳින්නට කිසිවෙකු නොවූයෙන් දිගටම බන්ධනාගාරගතව සිටියේය.

 අත්අඩංගුවට පත්වී වසර 10කට පසු අදාළ නඩු වලට කොළඹ මහාධිකරණය හමුවේ ඇප තැන්පත් කිරීමෙන් අනතුරුව ඊයේ (10) ඔහු මුදා හැරිණි.

මහජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් වංචනිකව ලබාගෙන මුදල්සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම, මහා බැංකුවේ අනුමැතියකින් තොරව ව්‍යාජ මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යෑම සහ ව්‍යාජ ගෙවීම් ක‍්‍රම භාවිතා කිරීම යන චෝදනා යටතේ වෙන වෙනම නඩු තුනක් අවසන් වරට විභාග වූ අතර එම නඩු තුනටම නියම වු ඇප තැන්පත් කිරීම නිසා මෙලෙස ඔහු මුදා හරින ලදී.

'මම ඉගැන්වීමට උපන්නෙමි' යන තේමා පාඨය යටතේ කාලයක් ජනප්‍රිය ඉංග්‍රීසි උපකාරක පන්ති ගුුරවරයෙකුවූ සක්විති රණසිංහ පසුව ගොඩනැගිලි කොන්ත්‍රාත් සමාගමක් හා ඉහත නඩු පැටළුණ මූල්‍ය සමාගම් හිමිකරුවෙකු බවට පත්විය. සිය කීර්තිය අයථා පරිහරණයේ යොදවා ජනතා විශ්වාසය වෙළෙඳවාසියට හරවන්නට ඔහු උත්සාහ දැරූ අතර ඔහුගේ නීතියට පටහැණි මූල්‍ය සමාගමේ ආයෝජනය කළ අයට එම මුදල් අහිමි විය.