පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරමාලාව වළක්වා ගැනීම අවමකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් 09 දෙනෙකුට එරෙහිව අපරාධ 
පරික්ෂණයක් සිදු කරන ලෙස
වැඩබලන පොලිස්පතිවරයා වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට  ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු විශේෂ කමිටු  නිර්දේශ මත මෙම උපදෙස් ලබාදී තිබෙන අතර අදාළ පියවර ගැනීමට නියමිතව ඇත්තේ කොළඹ ප්‍රදේශය හාර, බස්නාහිර උතුර ප්‍රදේශය හාර සහ විශේෂ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා සම්බන්ධයෙනි.

ඊට අමතරව කටාන සහ ජම්පරා පොලිස් ස්ථාන භාරව කටයුතු කළ පොලිස් නිලධාරින්ට එරෙහිවද අපරාධ පරික්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.