https://www.gossiplankanews.com/2019/05/wife-murderd-husband.html#more
දඹුල්ල ගල්කිරියාගම ප්‍රදේශයේ දෙදරු පියකු මරා වැසිකිළි වළකට දමා තිබියදී පෙරේදා (20) කන්තලේ, වෙඩ්‍රාසන්පුර ප්‍රදේශයෙන් සොයා ගත් බව කන්තලේ මූලස්ථාන පොලිසිය පවසයි.  දින ගණනාවක සිට වැසිකිළි වළකින් හමන අධික දුර්ගන්ධය ඉවසා ගැනීමට නොහැකි වූ
අසල්වාසීන් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දිමෙන් පසු  මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.පී. බී. විජේසිරි මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ඇරඹීමෙන් පසු ඝාතනයේ සුලමුල සොයාගෙන ඇත.

ඝානනයට ලක්වූ තැනැත්තා ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඉකුත් අප්‍රේල්

මාසයේ දිනක බිරිය තම සැමියා රවටා වකුගඩු රෝගයකට ප්‍රතිකාර කිරීමට බව පවසා තම අනියම් පුරුෂයාගේ නිවෙසට කැඳවා ගෙනවින් ඝාතනය සිදු කර ඇති බව මූලික පොලිස් පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඉතා සැලසුම්සහගතව මෙම ඝාතනය සිදුකිරීමට සැකකරු, තම බිරිඳ හා දරුවන් බිරියගේ මවුපියන්ගේ නිවෙසට යවා ඇය රැවටීමට ලක් කර බව ද පොලිසිය කීය.

 ඝාතනය කළ අය වැසිකිළි වළට දමා කොන්ක්‍රීට් ලෑල්ලෙන් වසා සිමෙන්ති බදාමවලින් කපරාරු කර ඇති අතර, අධික දුර්ගන්ධය දින ගණනාවක සිට පැවතීම හේතුවෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමෙන් පසු මෙය අනාවරණය වී තිබේ.

බෑනාගේ අතුරුදන්වීම බිරියගේ මව විසින්  අප්‍රේල් මාසයේ ගල්කිරියාගම පොලිසියට ද දැනුම් දී තිබී ඇත. අලුත් අවුරුදුවලට තමන්ට දඹුල්ලෙන් නිවසට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙනැවිත්දී මිතුරන් පිරිසක් සමග සිය සැමියා ගිය බවත්, මියගිය දෙදරු පියාගේ බිරිය ගල්කිරියාගම පොලිසියට ප්‍රකාශයක් දී තිබුණි.

පොලිසිය මේ පිළිබඳ  වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.