ශ්‍රී ලංකාවේ තිබෙන සියලු මාර්ග හා මංමාවත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නම් කරන ලෙසට
අග්‍රාමාත්‍ය රනිල්

වික්‍රමසිංහ මහතා අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ. ශ්‍රී ලංකාවේ මාර්ග නම් කිරීමේදී වෙනත් භාෂාවක් භාවිත නොකළ හැකි බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබේ.
නැගෙනහිර පලාතේ ඇතැම් මාර්ග අරාබි බසින් නම් කිරීම ගැටලු කාරී බවට මින් ඉහත පෙන්වාදී තිබුණි.
ශ්‍රී ලංකාවේ ව්‍යාවස්තාව අනුව සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් රජයේ කටයුතු සඳහා යොදාගනී.