දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව විසින් පවත්වන ලද පාරමිතා වෙසක් කලාපයට ලැබුණු රුපියල් 275,000ක ආධාර මුදලක් වංචා කර තිබීම සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානයට පැණිලි කළ බව එම
නගර සභාවේ එක්සත් ජාතික
පක්ෂ මන්ත්‍රී යමිත නලින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම වෙසක් කලාපය පැවැත්වීම සඳහා පෞද්ගලික ව්‍යාපාරික ආයතනවලින් ලැබුණු චෙක්පත් තුනක් නගරාධිපති අරමුදලට බැර නොකර පෞද්ගලිකව මාරු කර අයථා පරිහරණයට යොදාගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අදාළ චෙක්පත් පෞද්ගලික බැංකු දෙකක් හා රාජ්‍ය බැංකුවක් මගින් මාරු කරගෙන තිබෙන බවත්, මෙම සිද්ධියට නාගරික මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මම මුදල් වංචාවේ සියලු තොරතුරු අනාවරණය වී තිබෙන බැවින් තමන් මේ සම්බන්ධව මහා සභාවේ සහ නගරාධිපති ස්ටැන්ලි ඩයස් මහතාගේ අවධානයට යොමුකළ බවද යමිත නලින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.

-අමිත් මධුරංග-