දුම්රිය මගීන්ගේ ගමන් මලු පරික්ෂා කිරීම සඳහා පුපුරන ද්‍රව්‍ය හඳුනා ගැනීමට නිසි පුහුණුවක් ලත් නිල
සුනඛයින් යෙදවීමට
තීරනය කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. දුම්රිය ස්ථානවල පිවිසුම් දොරටු අසල අනවශ්‍ය තදබදයක් ඇති වීම වැළැක්වීම හා මගීන්ගේ ගමන් මලු කඩිනමින් පරික්ෂා කිරීමේ අරමුණින් පොලිස් නිල සුනඛ ඒකය යොදා ගන්නා අතර ඒ සඳහා ගුවන් හමුදාවෙන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන්ද සහාය ඉල්ලා තිබේ.

ඊට අමතරව දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින්ට අමතරව සිවිල් ආරක්ෂක බළකා සෙබළුද යෙදවීමට පියවර ගන්නා බවත් ඔවුන් දුර ගමන් සේවා දුම්රිය හදිසි පරික්ෂවකට ලක් කරන බවත් දුම්රිය සාමාන්‍යධිකාරිවරයා පැවසීය.

-සුමන උදයන්ත-