https://www.gossiplankanews.com/2019/05/vijith-wijithamuni-son-wedding-temple-trees.html
මාත්‍ය විජිත් විජිතමුණි සොයිසාගේ පුත් වෛද්‍ය ශිෂ්‍ය ගජිඳු සොයිසාගේ විවාහ මංගල්‍යය පැවැත්වීමට සැලසුම් කර තිබූ කොළඹ ෂැංග්‍රිලා හෝටලය බෝම්බ ප්‍රහාරයට ලක්වීම හේතුවෙන් වසා ඇති නිසා ස්ථානය වෙනස් කර උත්සවය අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේදී
ඊයේ (02) පවත්වා තිබේ.


උත්සව ශාලාව වෙන් කර ගැනීම සඳහා අදාළ සියලු ගෙවීම්  කිරිමෙන් පසු කිසිදු සංගීත වාදනයකින් තොරව විවාහ මංගල්‍යය පැවැත්වූ බව දන්වා ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු විශේෂ අමුත්තන් ලෙස මෙම විවාහ මංගල්‍යයට සහභාගි වූ අතර මැති ඇමැතිවරුන් කිහිප දෙනකුද පැමින තිබුනි.. පවුල් දෙකේ සමිප ඥාතීන් පමණක් සහභාගි වූ විවාහ මංගල්‍යයට ප්‍රධාන ශාලාවේ කොටසක් පමණක් ගෙන තිබීම  ද විශේෂත්වයකි.
විවාහ මංගල්‍යය ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට මීට මාස කිහිපයකට පෙර දින වෙන් කර තිබුණද බෝම්බ ප්‍රහාරයත් සමග හෝටලය වසා දැමිම නිසා උත්සවය එහි පැවැත්වීමට නොහැකි විය.
විශේෂ ඉල්ලීමක් කර විවාහ මංගල්‍ය සඳහා අරලියගහ මන්දිරය ලබාගත් බව ද දන්වා ඇත.
මීට පෙර ඇමති රාජිතගේ පුත් චතුරගේ විවාහ මංගල්‍යයද මෙම ස්ථානයේ පවත්වා ඇත.