බණ්ඩාරවෙල පොලීසිය, රෝහල, ප්‍රධාන බස්රථ නැවතුම්පළ සහ නගරය වීඩියෝ ගත කරමින් සිටි මුස්ලිම් ජාතික තරුණයෙකු අද (11) හවස අත්අඩංගුවට ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසනවා.

බණ්ඩාරවෙල
ශාන්ත තෝමස් පාරේ පදිංචි වයස අවුරුදු 30ක තරුණයෙකු බණ්ඩාරවෙල පොලීසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල නගරයේ ප්‍රසිද්ධ ස්ථාන මුස්ලිම් ජාතික තරුණයෙකු විසින් වීඩියෝ ගත කරන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණා.

මෙම ස්ථාන වීඩියෝ ගත කිරීම පිළිබදව නිශ්චිත පිළිතුරක් මෙතෙක් ලබාදී නොමැත. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.