https://www.gossiplankanews.com/2019/05/tourism-board-woman-arrested.html
නාවල, වැල්ලවත්ත,පංචිකාවත්ත කොටුව යන් ස්ථානවල 13 වනදා බෝම්බ පිපුරුම් සිදුකරන්නට යන බවට සංචාරක අධිකාරියේ අභ්‍යන්තරයේ හුවමාරුවූ ලිපියක් සමාජ මාධ්‍ය වෙත යොමු කළ නිසා එහි
සේවය කරන සේවිකාවක් පරීක්ෂණයක් සඳහා කොල්ලුපිටිය
පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.
ආරක්ෂාව සම්බන්ධයෙන් තහවුරු නොකළ තොරතුරු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ මානව සම්පත් හා පරිශ්‍රකළමනාකාර අධ්‍යක්ෂවරයා විසින් යැවූ අභ්‍යන්තර ලිපියක් සමාජ ජාලා වෙත මුදාහැරි
යැයි ඇයට චෝදනා එල්ල කර ඇත.


සැකකාර කාන්තාව එම ලිපිය ඡායාරූප ගත කර ෆේස් බුක් වෙත මුදා හැර තිබූ අතර ඒ තොරතුර ගැන මැති ඇමතිවරුන්ට බලධාරීන්ට කරුණු කීමට පවා සිදු විය.
බදුල්ල දළදාඇල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව වෙනත් ආයතනයක් මගින් සංචාරක සංවර්ධන
අධිකාරිය වෙත සේවයට යොදවා සිටි කාන්තාවක් බව පැවසුණ අතර ප්‍රශ්න කිරිමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට යොමු කර ඇත.

මෙම සිද්ධියට අදාළ ඇය හුවමාරු කළ ලිපිය හා පොලිසිය තුළ හුවමාරුවූ ලිපිද සමාජ ජාලා වෙත නිකුත්ව තිබුණි. එහිදී කියැවුනේ පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබුණ තොරතුරක් මගින් නාවල, වැල්ලවත්ත,පංචිකාවත්ත කොටුව යන ස්ථානවල 13 වනදා උදේ 9 ත් දවල් 1 ත් අතර බෝම්බ පිපුරුම් සිදුවීමට නියමිත බවයි. ඒ ගැන ආරක්ෂිත වැඩපිලිවෙලක් සකස් කරන ලෙසද එහිදී සාකච්ඡාවී තිබුණි.

එලෙස ඇය හුවමාරු කළ තහවුරු නොකළ තොරතුරු ඇතුළත් ලිපිය පහතින්