මාතර දෙවිනුවර වැල්ලමඩම
පාලම යට කිසිවෙකු විසින් අඳින ලද
බුර්කාවක් ඇඳගත් කාන්තාවක් විසින් බෝම්බයක් වැනි යමක් අතේ තබා ගෙන සිටින චිත්‍රය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකය පවසයි.

ජාතිවාදී හැඟීම් ඇවිස්සෙන ආකාරයට මෙම චිත්‍රය කවුරුන් විසින් අඳින ලද්දක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ දෙවිනුවර සාම විහාරය අසල මෙම පාලම පිහිටා ඇත.  මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරි ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත මාතර කොට්ඨාස බුද්ධි
තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ. කමල් මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.