සීදුව පොලිසිය මෙම අයිය මලෝ දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.

දෙදෙනාම එකම පවුලේ  සහෝදරයෝය.  අංක 105 .බී සංඝරාජ මාවත වත්තල, හුණුපිටිය යන ලිපිනයෙහි පදිංචිකරුවන් වන ජාවිසි බෘෘසෝ, ජාටි බෘෘසෝ යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

සීදුව පොලිසියට ලත් තොරතුරක් මත කරන ලද ස්ථානීය
සෝදිසි මෙහෙයුමකදී කටුනායක, නායක පාරේ පිහිටි නිවසක සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ මැයි මස 5වැනිදායි.

පොලිසිය කියන අන්දමට මෙම සැකකරුවන් දෙදෙනා කටුනායක, නායක පාරේ පිහිටි සරුංගල් නිපදවන ආයතනයක ග්‍රැෆික් ඩිසයින්කරුවන් ලෙස රුපියල් අසූ දහසක වැටුපකට සේවය කරමින් සිට ඇත.

පොලිසිය මෙම දෙදෙනා  සන්තකයේ තිබී ලැප්ටොප්  ජංගම පරිගණක දෙකක්, කැමරාවක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් තව්හිත් ජමාත් සංවිධානයේ පුහුණුව ලත් බවට ලබාගත් සහතික දෙකක් එක් පරිගණකයක් තුළ හමුදා නිල ඇඳුමෙන් සැරසී සිටියදී ඔවුන් විසින් ලබාගත් ඡායාරූප දෙකක් ද හමුවි තිබිණ.

(මීගමුව ඩබ්ලිව්. හියුබරි ප්‍රනාන්දු)

සීදුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා තව්හිත් ජමාත් සංවිධානයේ  පුහුණුව ලත් සොහොයුරන් දෙදෙනා මැයි මස 31 වැනිදා දක්වා රක්ෂිත ඛන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක  මහේස්ත්‍රාත් ටී.එන්.එල්. මහවත්ත මහත්මිය නියෝග කළාය.