ත්‍රස්තවාදය හා අන්තවාදය මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය නීතිමය වෙනස්කම් පිළිබඳ මහජන අදහස් ලබාගැනීමට ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව පියවර ගෙන ඇත.

නව නීති සම්පාදනයේ

වගකීම පැවැරී ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් ඉදිරියේදි සම්පාදනය කළ යුතු නව නීති පිළිබඳ මෙසේ මහජන අදහස් ලබාගැනීමට නියමිත බව කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා කීය.

ඒ සඳහා වන මහජන යෝජනා පාරිලිමේන්තු මනිත්‍රී මලිත් ජයතිලක මහතා, සභාපති, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට හෝ 0112777300 හෝ legis_com@parliament.lk විද්‍යුත් ලිපිනයට ලබාදිය හැකි බව ද ඔහු පැවසීය.

(ඩයනා උදයංගනී)