https://www.gossiplankanews.com/2019/05/saharan-hashim-not-dead-question.html
සුගියදා සිදුවූ බොම්බ පිපුරුම් මාලාව සැලසුම් කළ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ෂැංග්‍රිලා හෝටලයේ බොම්බ දෙකින් එකක් පුපුරුවාගෙන මිය යන්නට ඇතැයි සැකකළ මුල් නිගමනයන් වෙනස්වන්නට ඉඩ තිබෙන බව එම පරීක්ෂණ පවත්වන්නන්ට දැන් සැක මතුව තිබේ.
සිදුවීම සිදුවූ මුල් දිනවලද මෙම ප්‍රහාරයෙන් සහරාන් මියනොගිය බව කියැවුණද ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී සාක්ෂි ලැබුණ පසු
විදුලි සෝපානයෙන් බැස ගිය දෙදෙනා පසුව එහි 3 වන මහලේ අවන් හලේ බෝම්බ දෙකක් පුපුරුවාගන්නට ඇතැයි කරුණු ගැලපීම නිසා සහරාන් සහ ඉල්හාම් අහමඩ් එහිදී මියගිය බවට නිගමනය කෙරිණි.
නමුත් ෂැංග්‍රිලාහි පිපුරුම් දෙකක් වාර්තාවුවද සීසීටීවී ඔස්සේ හඳුනාගන්නට ලැබෙන්නේ මරාගෙන මැරෙන ප්‍රහාර එකක් පමණි.

අනෙක් ප්‍රහාරය බොම්බ බෑගය යම් තැනක රඳවා දුරස්ථ පාලකයකින් පිපුරුවේද යන්න සැක මතුව තිබේ.
පළමු ප්‍රහාරය සමග අවන්හලේ හා ඒ අවට විදුලි පද්ධතිය බිඳවැටී තිබෙන අතර සීසීටීවී පද්ධතිය මෙන්ම විදුලි සෝපානද ක්‍රියා විරහිත විය. (ඩෙන්මාර්ක ධනපති පොවිල්සන් හා දරුවන්ට එතැනින් ඉවත්ව යාම අපහසු වූයේ  විදුලි සෝපාන විදුලිය බිඳ වැටීම නිසාය) මේ නිසා දෙවන ප්‍රහාරය සම්බන්ධ සීසීටීවී සාක්ෂි ලැබී නැත.
ඉල්හාම් අහමඩ්ගේ පිපුරුමට අදාළ සාක්ෂි ලැබුණද සහරාන් පුපුරුවාගත් හැටි හඳුනාගන්නට බැරිව ගොස් තිබේ. ෂැංග්‍රිලා පිපුරුමේ නාඳුනන මළ සිරුරු කැබලි හා හිස් කොටස් රැසක් තවම හඳුනාගෙන නැති නිසා මේ මළ සිරුරු කොටස් අතර සහරාන්ගේ හිස තිබේද යන්න ගැන තවමත් ඇත්තේ සැකයකි.‍

සහරාන් හෂීම්ගේ  ඩීඑන්ඒ පරීක්ෂාව සඳහා මේ වන විට මඩකලපුව බන්ධනාගාරයේ සිටින සහරාන්ගේ සොයුරියගේ ඩීඑන්ඒ පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතය.
අම්පාර රෝහලේදී ඇගෙන් රුධිර සාම්පලයක් ලබාගෙන එය හඳුනාගැනීමට අධිකරණ නියොගයක්ද පොලිසිය පසුගියදා ලබාගන්නා ලදි.

කල්මුනේ ඇතිවූ ගැටුම් වලදී සහරාන්ගේ දියණිය හා බිරිය නිරුපද්‍රිතව බේරාගැනීමට ආරක්ෂක අංශ සමත්වූ අතර සහරාන්ගේ සොයුරියගෙන් හෝ දියණියගෙන්ද ඩීඑන්ඒ පරීක්ෂාව සිදු කිරීමට හැකියාව තිබේ.
බෝම්බ ප්‍රහාරය සඳහා පැමිණි එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස සහරාන් පැමිණ ඇති නමුත් ඔහු බෝම්බ පුපුරුවාගෙන  සියදිවි නසාගෙන නොමැති බවට

මේ අනුව කරුණු හඳුනාගන්නට උත්සාහ කෙරේ. එදින සිදු කළ අනෙක් ප්‍රහාර සැලකීමේදී ඒවාට සාපේකෂව ෂැංග්‍රිලා අවන්හල විශාල පිරිසක් රැස්වූ තැනක් නොවූ නිසා ඒ සඳහා දෙදෙනෙකුගේ ජීවිත අහිමිකරගෙන ප්‍රහාරය සිදුකළේද යන්න ගැනද සැක පළව ඇත.

කොච්චිකඩේ පල්ලියේ සිදුවූ ප්‍රහාරයේදීද පළමු ප්‍රහාරයෙන් පසු වෑන් රථයේ දෙවන ප්‍රහාරය සැලසුම් කර තිබූ අතර ඒ සඳහා පුද්ගලයෙකු යොදවා තිබුනේ නැත.
සහරාන් ෂැංග්‍රිලා ප්‍රහාරයට පැමිණේන්නට ඇති නමුත් සියදිවි හානිකර ගනිමින් පිපිරීමක් සිදුකරගෙන නොමැති බවටත් සහරාන් කාල බෝම්බයක් හෝ දුරස්ථ පාලකයක් මඟින් එම බෝම්බය පුපුරවා ඇති බවටත් සැකකෙරේ.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කර ඇති සහරාන් තම සංවිධානයට දෙවන පෙළ නායකයෙකු ලෙස කිසිවෙකු නම් කර නැති අතර සංවිධානයේ ක්‍රියාකාරකම් අත්හැරීමෙන් සියදිවි හානිකර ගනිමින් ඔහු මියයාම තුළින් ඉදිරි කටයුතු අඩපණවීමක් පෙනී යන අතර එවැනි අරමුණක් මෙවැනි ත්‍රස්ත සංවිධානයකට තිබෙන්නට අපහසු බව බුද්ධි අංශ සැකකරයි.

කිංස්බරි හෝටලයේ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක් අකාල්ඩ්හ්ගේ ඩීඑන්ඒ පරීක්ෂණ වලට ඔහුගේ දියණියගේ රුධිර සාම්පල භාවිත කරන්නටත් සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාර සිදුකළ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ්ගේ ඩීඑන්ඒ පරීක්ෂණය ඔහුගේ මවගේ රුධිර සාම්පලයකින් සිදුකිරීමටත් නියමිත බව වාර්තාවේ.

සහරාන් හෂීම්ගේ DNA පරීක්ෂාව තුළින් ලැබෙන ප්‍රතිඵල අනුව ඔහු මියගියාද නැද්ද යන්න ඉක්මණින් තහවුරු වනු ඇත.