අනාගතයේ පිහිටුවන තම රජයකට රිෂාඩ් බදියුදීන් මහතා කිසිම අයුරකින් සම්බන්ධකර නොගන්නා බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පෙරේදා (20) පැවැසීය.

සිංහල ජනතාව
සමඟ සුහදව කටයුතු කරන කබීර් හෂීම්, ඉතියාස් බාකීර් මාකාර්, ෆෙරියල් අෂ්රොෆ් වැනි ඉතාම පිරිසුදු මුස්ලිම් නායකයන් සමග වැඩ කිරීමට සූදානම් වුවද බදියුදින් වැනි අය සමග කටයුතු කිරීමට සූදානම් නැතැයි ද මන්ත්‍රීවරයා කීය.

තනතුරු, වරදාන හා වරප්‍රසාදවලට කිසි දිනක වහල් නොවූ තම මන්ත්‍රී කණ්ඩායම නිවැරදි වේලාවට නිවැරදි තැන සිට තීරණ ගැනීමට පසුබට නොවන බව ද හෙතෙම  සඳහන් කළේය.  බත්තරමුල්ල, නෙළුම් මාතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

-නාලක සංජීව දහනායක-