Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

4-21 Stories

Follow Us on Youtube & Twitter

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/05/pujith-against-president-court.html#more
සාධාරණ හේතුවක් ‌නොදන්වා පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට විරුද්ධව අනිවර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
පූජිත් ජයසුන්දර මහතා මේවනවිට ඒ සඳහා අවශ්‍ය නීතිඥ උපදෙස්
ලබාගනිමින් සිටින බවත්, ඉදිරි සති දෙක ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේනඩු පැවරීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේවනවිටත් පොලිස්පති නිල නිවසේ රැඳී සිටින බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු ඔහු පොලිස්පති නිල නිවසේ රැඳී සිටීමට අදහස් කරගෙන සිටින බවත් අදාළ ආරංචිමාර්ග සඳහන් කරයි.

කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පොලිස්පතිවරයා මෙලෙස නඩු පැවරීමට තීරණය කර ඇත්තේ එයින් තමාගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බව සඳහන් කරමිනි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස්පතිවරයකු ඉවත් කිරීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිසිවක් අනුගමනය නොකර,පොලිස්පතිවරයා ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ සඳහන් කිරීමට ජයසුන්දර මහතා අදහස් කර ඇති බවටද වාර්තාවේ.
 එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව පොලිස්පතිවරයා ලෙස සිදු කළ කාර්ය භාරය පිළිබඳව යමෙකුට ප්‍රශ්නයක් පවතිනවා නම් ඒ පිළිබඳව අදාළ නිල තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමේ සූදානමකින්ද පූජිත් ජයසුන්දර මහතා පසුවන බවද දැනගන්නට තිබේ.
මේ අතර, අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට ද 'අද' පුවත්පතට වර්තා වාර්තාවෙයි.මේ වන විටත් ඔහු වෙනුවෙන් යොදවා තිබූ යතුරුපැදි ආරකෂකයන් ඉවත්කර ඇති බවද වාර්තා වේ.
එමෙන්ම පූජිත් ජයසුන්දර මහතාට ලබාදී තිබූ සහායක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද ඉවත් කර ඇති බවද වැඩිදුරටත් වාර්තාවේ.





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

4-21 Stories

Like Us on Facebook

Latest Picture Collections

Gossip Lanka Stats