https://www.gossiplankanews.com/2019/05/photos-megan-harry-with-baby.html
ලුතින් උපන් නව රාජකීය කුමරා මාධ්‍ය වෙත පෙන්වමින් මෙගන් මාර්කල් දරුප්‍රසූතියෙන් පසුව පළමු වරට හැරී සමග පෙනී සිටියාය.රාජකීය පවුලේ පළමුවරට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය මිශ්‍ර සම්භවයකින් උපන් දරුවා ගැන
මාධ්‍ය විශේෂ අවධානයකින් වාර්තා

පළකර තිබූ අතර රජ මාළිගය අවට මාධ්‍ය වාර්තාකරුවන් හා රට වැසියන්ගේ අඩුවක් නොවීය. දරුවා පුතෙකු බව දැක්වෙන සටහනක් මාළිගය ඉදිරිපස නිවේදනය කර තිබූ අතර එරට විවිධ කුළුණු ආදියේද ඒ ගැන පණිවිඩ සටහන්ව තිබුණි.
තමා මේ ලෝකේ වඩාත් ප්‍රිය කරන දෙදෙනා හැරී හා නව දරුවා බවත් මෙම අත්දැකීම සිහිනයක් සැබෑවීමක් වැනි යයි තමන්ට හැඟෙන බවත් මෙගන් මාධ්‍ය වෙත අදහස් පළ කළාය.