තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා වූ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා
කුරුනෑගල අලකොල පැවැති පුහුණු කඳවුරකට එක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මෙම පුහුණු කඳවුර පිළිබඳව කුරුණෑගල පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදුකළ විමර්ශනවලට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම ඔහුට අමතරව මෙම පුහුණු කඳවුර සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පහක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතර පුහුණු කඳවුර පැවැත්වූ පොල් ඉඩමේ හිමිකරු, පුහුණු වැඩසටහන සම්බන්ධීකරණය කළ පුද්ගලයා, දේශන පැවැත්වූ පුද්ගලයාද වෙයි. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එළැඹෙන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඉන් අනතුරුව කුරුණෑගල රෝහලේ සේවය කළ සේවකයෙක් හා තවත් පුද්ගලයෙක් මෙම පුහුණු වැඩසටහනට එක්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව කළ විමර්ශන වලට අදාළව මෙම පාර්ලිමේන්තු සේවකයා අත්අඩංගුවට ගෙන තිබේ.